Published
දුම්රිය නියාමකවරුන් විසින් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, අදාළ ප්‍රවාහන බලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකට අනුවයි.
එහිදී එළඹෙන 21 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ඡාවක් සිදු කිරීමට අදාළ බලධාරීන් එකඟ වූ බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ.
දුම්රිය නියාමකවරුන් බලාපොරොත්තු වන ඉල්ලීම් සම්බන්ධයෙන්ද ඔහු මෙහිදි අදහස් පළ කළා.