දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කළ නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ විෂය පථයට අදාල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.