සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පස්වරුවේ නිරීක්ෂණට ලක් කර තිබෙනවා.
එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමකගේ විශේෂ අධීක්ෂණයෙන් දින 05ක් ක්‍රියාත්මක මෙම විශේෂ පුහුණු වැඩසටහන ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වනවා.
මෙම විශේෂ පුහුණු වැඩසටහන් මාලාව මෙවර පවත්වනුයේ සිව්වන වරට වන අතර මේ වෙනුවෙන් මහාචාර්ය විල් බ්‍රෝටන් මහතා සහ එම පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමට මෙරටින් කිසිදු ගෙවීමක් හෝ මූල්‍ය දායකත්වයක් ලබා නොගන්නා අතර ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එම විද්වත් කණ්ඩායම විසින් දරනු ලබනවා.
මෙම පුහුණුව සාර්ථකව නිමකරන හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දීමට ද නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණය කර සිටියේ සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම්, ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවත්, මෙම ගිලන් රථ සේවාවට ලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් නව්‍යකරණයට ලක් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඉන්දීයානු රජය සමග සාකච්ඡා කර තවත් ගිලන්රථ 100 ක් ලබාගැනීමට කටයුතු කරන බවත්, ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක් ණය ආධාර යටතේත්, තවත් ගිලන්රථ 25ක් ප්‍රදානයත් ලෙසටත් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මේ වන විට සුවසැරිය පදනමට දස අවුරුදු සැලසුමක් සකස්කර ඇතිබවත්, අනතුරට හෝ හදිසි රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමට පැමිණෙන ගිලන්රථය විවිධ හේතූන් නිසා පැමිණිමට යම් කාලයක් ගතවන හෙයින් එය පැමිනෙන තුරු දුරකථන ඇමතුම ලද විගස අදාළ ස්ථානයට යතුරුපැදි ආශ්‍රයෙන් අදාළ නිලධාරින් යැවීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම දස අවුරුදු සැලසුමේ ප්‍රමුඛතම කාර්යක් බව සුවසැරිය පදනමේ සභාපති මේජර් (විශ්‍රාමික) නිරෝෂන් රත්නායක මහතා මෙම කටයුතු පිළිබඳ කළ විමසීමක දී පවසා තිබෙනවා.
“ජීවිතයක් සුරැකීම” යන්න ප්‍රමුඛ අභිමතාර්ථය කරගනිමින් 1990 සුවසැරිය පදනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර ඇත.
ආරම්භයේ දී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබනවා.
මෙම පුහුණු වැඩසටහන සදහා සුවසැරිය පදනමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රීලාල් ද සිල්වා, පුහුණු වැඩසටහන් ප්‍රධානී ස්ටැනෝෂන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.





