Published
අද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයයි.
මෙම වසරේ පළමු පොහොය මෙන්ම දුරුතු පුර පසළොස්වක පොහොය යනු ශාසන ඉතිහාසයේ වැදගත්ම පොහොය දිනයයි.
නව වසර සුබවාදීව අරඹන්න දුරුතු පොහොය වැදගත්ම පොහොය වන බවයි සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ පැවසුවේ.
දුරුතු පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ගණේමුල්ල, ගලහිටියාව, ශ්‍රී සුගත සුභද්‍රාරාම විහාරස්ථානයේ සිටයි.
ඒ, පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගන්නවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.




