Published
අල්ලස සහ දූෂණ වැළැක්වීම සඳහා මහජනතාවගේ සහයද අත්‍යවශ්‍ය බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසුවේ ඇතැමුන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට බොහෝ ජනතාව හුරු වී ඇති බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් වැරදි මතයන් පැතිර යන්නට බලපෑ හේතු සම්බන්දයෙන්ද ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කළා.




