ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය සංචාරක එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඒ, කඩුළු 5කින්.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු‍ දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 219ක්.

ජයග්‍රාහී ලකුණු 220ක ඉලක්කයක් හඹා යාමට පිටිය පිවිසි සංචාරක එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ 46 වන පන්දු වාරයේ දෙවන පන්දුවේදීයි.

ඒ, කඩුළු 5 ක් පමණ ක් දැවී ලකුණු 223 ක් ලබාගනිමින්.