දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු පේළි පෙරහැර අද පස්වරු 06ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන 08 වනදා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන බවයි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ, ආරච්චිගේ තිළිණ මධුශංක මහතා පැවසුවේ.

768 වන වරට දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා.