විදේශගතව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධ වල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රවය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා
ඒ අනුව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්‍යාලය අසල ඇති කෝටි 5 ක් පමන වටිනා සුඛෝ භෝගී දෙමහල් නිවස සහ ඉඩමද ඔහුට අයත් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් ( මෙලීනා 01 / මෙලීනා 02 / මෙලීනා 03 / මෙලීනා 04 / මෙලීනා 05 ) ධීවර ටෝලර් යාත්‍රා පහක් දික්වැල්ල ධීවර වරායේ. නැංගුම්ලා තිබියදි මෙලෙස තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි
මෙම දේපල දෙහි බාලේ මල්ලිගේ බිරිද , බිරිදගේ මව , බිරිදගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා නමට මිලට ගෙන තිබු බව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.




