දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පෙරවරු 11.00ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසියේ කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.