දේශපාලඥයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන් නියමිත කාලයේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවයි.

වත්කම් බැරකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ඇතැම් දේශපාලඥයින් ජනතාව රවටා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවා. කෙසේවෙතත් තමන් සහ සිය පක්ෂයට ඇතැමුන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.