දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේම එය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි සඳහන්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 177කින් පාර්ලිමෙන්තුවේදී සම්මත වුණා. ඒ අනුව දැන් දේශබන්දු තෙන්නකෝන් මහතාට සිදුවන්නේ කුමක්ද?

මේ අතර ව්‍යවස්ථාදායක සභාව හෙට සවස 03.30ට රැස්වීමට නියමිතයි. පොලිස්පති ධූරයට ජනාධිපතිවරයා නිර්දේශ කළ නම බොහෝ දුරට එම රැස්වීම සඳහා ඉදිරිපත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.