Published
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබෙනවා.
ඒ 2024/2025 වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය වන බවයි.
තවද නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.




