Published
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ අධිකරණ සංකීර්ණයක් අසල පිපිරීමක් සිදුව තිබෙනවා.
එම පිපිරිමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවටයි වාර්තා පළ වන්නේ.
පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ සැකකරු ඉස්ලාමාබාද් නගරයේ අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී ඇති බවයි.
එම පිපිරීමෙන් අධිකරණයෙන් පිටත වාහන කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට පිපිරීමේ වගකීම කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් භාරගෙන නැහැ.




