කටාරයේ දෝහා නගරය වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ල පළ කර තිබේ. ඉන්දීය මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාර්හි අග්‍රාමාත්‍ය අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්තානි වෙත ලබා දුන් දුරකතන ඇමතුමකදී මේ බව දැනුම් දී ඇති බවයි. සහෝදර කටාර් රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම ඉන්දියාව හෙළා දකින බව ද අග්‍රාමාත්‍ය මෝදි පවසා තිබිණි. එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රික භාවය හරහා ගැටළු විසඳීමට සහ උත්සන්න වීම වළක්වා ගැනීමට ඉන්දියාව සහය වන බවයි. කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා සහ ත්‍රස්තවාදයට එරෙහිව එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ට එරෙහිව ඉන්දියාව ස්ථිරව සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේය.