Published
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, 2017 -2018 වර්ෂ සදහා ඉන්ධන මිලදී ගැනීමට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනා මතයි.
අත්අඩංගුවට ගත් ඔහු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.




