Published
නත්තල් දින දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මෙහෙයුමේදී පුද්ගලයන් 29,539 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි පොලිසිය පැවසුවේ.
එම මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති සහ අපරාධ ක්‍රියාවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 179 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පමණක් නඩු 4,414ක් වාර්තා වී ඇති අතර නොසැලකිලිමත් ලෙස ලෙස රිය පැදවූ පුද්ගලයන් 36 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.




