Published
නල්ලතන්නිය පොලිස් වසමේ පිහිටි ලක්ෂපාන තේ කර්මන්තශාලාවේ කොටසක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් එම ගින්න නිමි තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරි ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඇසුරුම් කරන ලද නිමි තේ කුඩු විශාල ප්රමාණයක් එම ගින්නෙන් විනාශ වී තිබෙනවා.
ගින්න හේතුවෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි පොලිසිය පැවසුවේ.
නල්ලතන්නිය පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





