නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් දුෂ්කර ප්‍රදේශවලට විශේෂ මැදිහත්වීමක් සිදු කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

විසඳුම් නොමැති ප්‍රශ්න නොමැති බවත් රජය, නිලධාරීන් සහ ජනතාව සාමුහිකව වැඩකළහොත් සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැකි බවයි ඇය පවසන්නේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලවල පැවති සාකච්ඡාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.