නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ලබන සඳුදා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව දරුවන් උදෙසා වැඩිහිටියෝ - බහුජන සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී එම සත්‍යග්‍රහය ආරම්භ කරන බවයි එම සංවිධානයේ අද පැවති මංගල මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළා.