නව නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද සිය ධුරයන්හි රාජකාරී ආරම්භ කළා.

මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුනු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය යූ ඩී නිශාන්ත ජයවීර මහතා අද සිය ධුරවල රාජකාරි ආරම්භ කළේ මුදල් අමාත්‍යාංශය පරිශ්‍රයේදීයි.

මේ එහිදී අදහස් දැක්වූ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය යූ ඩී නිශාන්ත ජයවීර මහතාද එහිදී අදහස් පළ කළා.

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු මුනිර් මුලෆ්ෆර් මහතා කොළඹ පිහිටි මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී රාජකාරී ආරම්භ කළා.

එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී යොමු කෙරුණු ප්‍රශ්නයකටද අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පිළිතුරු ලබා දුන්නා.