කතානායක වෙද්‍ය ජගත් වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 09:30ට යළි රැස්වුණා.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහමුදු අබ්දුල් වාහිඩ් මහතා දිවුරුම් දීම සිදු වුණා.

ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් නලීම් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.