ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස අභිනවයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ධුරයේ රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද දින නිල වශයෙන් හමුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. මෙම සුහද හමුවේදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළ අතර ජාතික ආරක්‍ෂාව සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අන්තර් ආයතන සම්බන්ධීකරණය කෙරෙහි අවධානය යොමු කළහ. එහිදී නව පොලිස්පතිවරයාගේ පත්වීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සිය සුබ පැතුම් එක්කල අතර ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශ්වාසය පළ කර තිබෙනවා. මෙම හමුව මඟින් රට පුරා මහජන ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සහ නැගී එන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්‍ෂක අංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාවය යළි අවධාරණය කරන ලදී.
Published