Published
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. අද පස්වරු 02.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගැනීමට නියමිතයි. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා වශයෙන් ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.