බාල වයස්කාර පිරිමි දරුවෙකු මාස දෙකකට අධික කාලයක් වරින් වර බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල ජාතික තරණ සේවා සභාවේ මුරකරු මේ මස 27 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කලේ මීගලෑව තම්මිටගම අංක 57 ලිපිනයේ පදිංචි ඩබ් එම් රුවන් බණ්ඩාර නැමැත්තෙකි.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ තිරප්පනේ ඇතුන්ගම තරුණ මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කර තිබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලිකාර වින්දිත දරුවාගේ පංති බාර ගුරුවරිය පාසලේදී පාඩමක් කියා දුන් අවස්ථවේ වින්දිත දරුවා මාස දෙකකට අධික කාලයක් විටින් විට සැකකරු තමාට සිදු කල ලිංගික අතරව සම්බන්ධයෙන් පංති බාර ගුරුවරියට පවසා ඇති බවත් පසුව පංති බාර ගුරුවරිය මේ පිළිබදව පාසලේ විදුහල්පතිවරයාට දැනුම් වත් කර තිරප්පනේ පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව අධිකරණයේදී කියැවිණ

තිරප්පනේ පොලිසියේ සැරයන් එදිරිසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණ කී අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා පෙනී සිටියේය.