නවගමුවේ පුරාණ මහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හෙට අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිතව තිබෙනවා. පෙරහැර අවිස්සාවේල්ල කොළඔ පරණ පාරේ හෙට රාත්‍රී 09 සිට අලු‍යම 2.30 දක්වාත්, අනිද්දා පෙරවරු 06 සිට දහවල් 02 දක්වාත් වීථි සංචාරය කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ වෙලේ හංදිය හා රණාල හංදිය වසා තැබීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. පෙරහැර වීදි සංචාරය කරන අදාළ කාලය තුළ මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය දැනුම් දෙනවා. ඒ වෙනුවෙන් සිදු කෙරෙන රථ වාහන සැලැස්ම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.