ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා.

ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වාර්තාවක් පදනම් කර ගනිමින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

අමාත්‍යවරයා එල්ල කළ චෝදනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා.