රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත අද එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

ඒ, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තමන්ට එරෙහිව සිදු කළ අපහාසාත්මක සහ ද්වේශ සහගත ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින්.

පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙරටට ගෙනා බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉකුත් 06 වනදා හෝ ඊට ආසන්න දිනක පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදුකළ ප්‍රකාශයකට අදාලව මෙම එන්තර වාසිය යොමු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් දැක්වූවා.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද අද පාර්ලිමේන්තුවේදී ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.