Published
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පනවා ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් පිළිබඳ තවදුරටත් දැඩි සැලකිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ජලාශ කිහිපයක් ද තවමත් වාන් දමමින් ඇති බවයි.
අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි.
මුහුදේ කාලගුණය ද අයහපත් බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 20,247 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් පවුල් 4,959කට අයත්.



