නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ආර්ථික සංර්වධන නිලධාරියෙකු අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොමිෂන් සභාවට යොමු කරනු ලැබූ පැමිණිල්ලකට අනුවයි
පැමිණිලිකරුට නිවසක් ලබා ගැනීමට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් අනුමත රු.1,000,000/- ක ආධාර මුදලේ පළමු අදියර වශයෙන් ලැබී ඇති රු.150,000/- ක මුදල, පැමිණිලිකරු ලබාගත් අවස්ථාවේ දී නිවාස සංවර්ධන අධිකාරිය මඟින් පැමිණිලිකරුට ආධාර මුදලේ ඉතිරි මුදල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට උදව් කරන බව පවසා රු.25,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.
ඒ අනුව එම අල්ලස ලබා ගැනීමට අදාළව, 2025.09.15 වන දින අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් වූ පළවන සැකකරු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස නිලධාරී (තාක්ෂණ සහකාර) ගරුසිංහගේ සුරංග ප්‍රසාද් සෝමසිරි යන අයට ආධාර අනුබල දීම යන චෝදනාව මත නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවයේ නියුතු ගිරිදරගේ රනිල් නිශාන්ත ජයවර්ධන යන අය අද වන දින පෙ.ව.11.15ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකක සංදක්හං කර සිටියේ .