මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ සිය ඡායා රූපය යොදා ගනිමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සැකසු වීඩියෝවක් TiK Tok මාධ්‍ය හරහා සංසරණය විමේ සිද්ධියට අදාළවයි.

වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු අතර වන සංවාදයක් 2025.06.10 වන දින TiK Tok මාධ්‍ය හරහා සහ 2025.06.11 වන දින Facebook පිටුවක මෙම පෝස්ට් එකක් හරහා පල කර තිබු බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසන්නේ.