පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂම නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබෙන්නේ.
එම නිවේදනය පහතින්
” ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයේ අද්ධ්යක්ෂ වශයෙන් සේවය කරමින් සිටයදී, 2019.04.21. දින පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිලධාරියා විසින් සිදුකල රාජකාරි පැහැරහැරීමට අදාලව 2023.10.26 දින රැස්ව වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි නිලධාරියා වෙත අංක NPC/EST/DISC/ASP/1/2023 හා 2023.11.17 දිනැති චෝදනා පත්‍රය නිකුත් කරන ලදී.
උක්ත චෝදනා පත්‍රයට අදාලව නිලධරියාවිසින් 2024.0312 වන දින යොමු කරන ලද ලිපියෙහි අන්තර්ගත කරුණු සලකා බලන ලද 2024.03.21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කරන ලදුව, එසේ සිදුකරන ලද විධිමත් විනය පරීක්ෂණයේ ත්‍රී පුද්ගල විනිශ්චය සභාව විසින් 2025.07.04 දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විධිමත් විනය පරීක්ෂණ වාර්තාව, එම වාර්තාව සමග යොමුකර තිබූ පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරිගේ වාර්තාව, රැකවරණ නිලධාරිගේ වාර්තාව සහ අදාල සියලු ලේඛන ගැඹුරින් අධ්‍යනය කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරන ලදී.
1. විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනා සදහා ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්,
2. ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සදහන් රාජ්‍ය නිලධරයන් විසින් සිදු කල හැකි වරදවල් සම්භන්ධව පළමුවන උපලේඛ්නය යටතට ගැනෙන වැරදි බවත්,
යන කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවන් සදහා වැරදිකරු බව 2025.07.17 වන දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී.
ඒ අනුව, ඔහු විසින් කරන ලද වරදේ තීව්ර තාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii ඛාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 24:3:1 වගන්තිය පරිදි ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025.07.17 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කරන ලදී.”