කහටගස්දිගිලිය මුකිරියාව ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ හතයි තිහට පමණ නිවෙස් හිමියා විසින් නිවසේ දොර විවෘත කරනවාත් සමගම වන අලියා විසින් එම පුද්ගලයාට පහර දී ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි දෙදරූ පියෙක් වන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන් ගම් වදින වන අලි ජීවිත මෙන්ම තම බහුබෝගද විනාශ කරන බවත් බලධාරීන් මැදිහත්ව මෙම වන අලි ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.