Published
සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව බස්නාහිර පළාතේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා.
ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණයකට විරෝධය පළ කිරීම ද අද ක්‍රියාත්මක කෙරෙන සිය වෘත්තිය ක්‍රියාමාර්ගයට හේතුවක් වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.



