ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ නිවාස ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ඇතැම් පුද්ගලයින්ට මෙතෙක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති ව්‍යසන කළමනාකරණ කමිටුවේදීද තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා.