ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. අදාළ වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.