අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක් මත පිහිටි දේවාලයක් ඇතුලත අනවසරයෙන් කැනීම් කර නිදන් වස්තූන් ලබා ගැනීමට තැත් කිරීfමි සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කොළඔ දිශාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්ති උදිත් ලියනගේ සහ ඔහුගේ බිරිය සහ කට්ටඩියෙකු ඇතුළු සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හරින ලෙස නීතිඥයින් කල ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාා යළි ප්‍රතික්ෂේප කළේය

ඒ අනුව සියළු සැකකරුවන් සැප්තැම්බර් මස 8 දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියෝග කෙරිණ.

මෙසේ නියෝග කළේ මෙම නිදන් හැරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවී යළි කැදවූ අවස්ථාවේ අපරාධ පැමිණිල්ල වෙනුවෙන් පරික්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි .

මෙම නවඩුව යළි කැඳවූ අවස්ථාවේ සැකකාර නියෝුජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ පමණක් හඳුනා ගැනීමෙ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරනු ලැබීය

එහිදි නිදන් හෑරීමෙ සිද්ධියේ වැටලීම් කටයුතු සඳහා සහභාගි වූ අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් සැකකාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ නිදන් හෑරූ ස්ථානයේ සිටි බවට පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට සමත් විය.

මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා කර බලා ඊට අදාළ පුරා විද්‍යා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කරනු ලැබීය

නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරියක ඇතුළු සැකකරුවන් නිදන් හෑරූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අනුරාධපුර පොලිසිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට පවරනු ලැබීය

ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයෙන් කල ඉල්ලීමකට අනුව අධිකරණය ලබා දුන් නියෝගයක් ප්‍රකාරවය

නිදන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවෙ ඔවුන් නිදහස් කර මුදා හරින ලෙසට අනුරාධපුර පොලිසියට බලපෑම් කිරීම සහ නිදන් හෑරීමට ආධාර අනුබල දීම සහ රජයේ දේපල අවභාවිතා කිරීම යන චෝදනා සැකකාර නියෝජ්‍ය පොලිස්පගි උදිත් ලියනගේට එල්ල වී තිබෙනවා.

මෙසේ යළි රිමාන්ඩ් බාරයට පත් කළේ කොළඹ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ සහ ඔහුගේ බිරිය වන වේයන්ගොඩ මල්වාන පදිංචි ඩී ඒ ඉන්ද්‍රානී කුමාරි දිසානායක නිදන් හෑරීමේ සිද්ධියට අදාළ පුද පූජා කටයුතු සිදු කල කට්ටඩියා වන අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි එච් එම් එරන්ද ඉන්දික සිරිවර්ධන ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර් එම් ගුණරත්න දැරණියගල විද්‍යාල මාවත තිහගහවත්ත පදිංචි ආර් එම් චම්පික කුමාර කුරුණෑගල යන්තම්පලාව පදිංචි කේ එම් නිලන්ත රත්නායක පදවි ශ්‍රි තිස්සපුර පදිංචි ඊ එම් අනුර පද්මසිරි වරකාපොල දම්මලදෙණිය පදිංචි අමීර් මුස්තාන් සහ බදුල්ල කරදගහමඩආරව පදිංචි එම් පද්මසිරි දිසානායක යන සැකකරුවන්ය

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂකවරුන් වන එච් එම් හේරත් සහ වන්නිනායක සහ එස් නන්දසේන යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සහ නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා ඇතු`එ නීතිඥවරුන් කන්ඩායමක් පෙනී සිටියහ