Published
බලපත්ර නොමැතිව නීති විරෝධී ලෙස ගවයින් ප්රවාහනය කළ සැකකරුවෙකු මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඔක්කම්පිටිය ප්රදේශයේ සිට කල්මුනය දක්වා ගවයින් ප්රවාහනය කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු විසින් මීගවයින් 21 දෙනෙකු එලෙස ප්රවාහන කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු දීර්ඝ කාලයක සිට එම ගව ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



