නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු බස්නාගල ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත නූරිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී ඇමෝනියා සල්ෆර් ග්‍රෑම් 10යි දශම 6ක්, බ්ලාස්ටර් පවුඩර් ග්‍රෑම් 20යි දශම 3ක් සහ වෝටර් ජෙල් ග්‍රෑම් 7යි දශම 5ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 51 වන වියේ පසුවන නූරිය, බස්නාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් නූරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.