එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (24) කොළඹ නිපෝන් හෝටලයේ පැවැති “මහ ජන හඬ” මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමින් පළ කල අදහස්
ප්‍රථමයෙන් මා ප්‍රකාශ කරන්න කැමතියි, පසුගිය සිකුරාදා නුගේගොඩ පැවැති “මහ ජන හඬ” රැළියේදී ඉතාමත් සාර්ථක මහජන මතයක් රජයට පෙන්වන්න හැකියාව ලැබුණා.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී අපේ පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 40 ක නායකයින් සහ නියෝජිතයින් සම්බන්ධ කරගත්තා.
විශේෂයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂයේද නියෝජිතයින් සහභාගී වෙමින් අපි මේ පණිවිඩය ලබාදීම ආරම්භ කළා.
ඒ වගේම අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙනවා ජනතාව දැනුවත් කිරීම සඳහා ගම් මට්ටමින් රැස්වීම් 1000 ක් පවත්වන්න.
ඒ අනුව අපේ පක්ෂයත් සියලු දේශපාලන පක්ෂත් සියල්ලම ජාතික වශයෙන් එකට එකතු වී ක්‍රියාකළ යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 ක් තිබෙනවා.
ලියාපදිංචිවීමට ඉල්ලුම් කල තව දේශපාලන පක්ෂ 15 ක් පමණ තිබෙනවා.
මේ සියලු දේශපාලන පක්ෂ රටේ අනාගතය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙනවා.
මට පෙර කතා කළ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා බොරු කියන එක නවත්වන්න ඕන කියලා.
මම හිතන්නේ සියලු දේශපාලන පක්ෂ මතක තබාගත යුතුයි බුදුදහම අනුව, බෞද්ධ දර්ශනය අනුව මේ බොරු කියපු යුගය දැන් අවසන් කළ යුතුව තිබෙනවා.
දිගින් දිගටම බොරු කියලා සමාජය සම්පූර්ණයෙන්ම වල්මත් කරලා සියලු දේශපාලන පක්ෂත් විනාශ කිරීම සඳහා ක්‍රියාකර තිබෙනවා.
අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ “මහ ජන හඬ” ව්‍යාපාරය සඳහා දායකත්වය ලබාදුන් සමස්ථ දේශපාලන පක්ෂවලටත් සියලුම මහජනතාවටත් එක්සත් ජාතික පක්ෂයේ ස්තූතිය පළ කර සිටිනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු පා.ම සංජීව එදිරිමාන්න, හිටපු පා.ම ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් සහභාගී වී සිටියහ.




