Published
නුගේගොඩ ජන රැළිය මෙන් ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී ද තවත් ජන රැළි රැසක් පවත්වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
මීළඟ රැස්වීම පවත්වන දිනය හා ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි එහි දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසුවේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ප්රකාශ කළ තරම් නුගේගොඩ රැළිය සාර්ථකද? හිතපු තරම් රැළියට සෙනඟ ආවාද?
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ සෘජුව ප්රශ්න කළා.




