Published
නුවරඑලිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත් සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තහනම් කර තිබෙනවා.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑලිය මහ නගරසභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබුණි.
පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවත්න බවයි බොට්ටු හිමියන් කියා සිටින්නේ.