රාත්‍රි කාලයේ නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ (11) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පවසා තිබෙනවා.
වාහන ධාවනයට විවෘත කරන ලද ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටු කිතුල ප්‍රදේශියේදි ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරිය වැඩි දුරටත් පැවසුවේ.
දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවු ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (11) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, වලපනේ මන්දාරම්නුවර ප්‍රදේශයේ මාර්ගය අවහිර වී තිබියදි ගුවන් මගින් පවා අවතැන් වුවන්ට ආහාර ද්‍රව්‍ය යොමු කල බවත්, මාර්ගය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව අවශය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කර තිබියදීත් කිසිදු සහනාධාරයක් නොලැබුන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ බවයි.
ආපදාවට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් දිවා රාත්‍රි දෙකේ කැපවිමෙන් කටයුතු කර ආපදාවට පත් ජනතාවට තව දුරටත් කටයුතු කරමින් සිටින බවත්, සියලු දෙනා එකා මෙන් කටයුතු කර ආපදාවෙන් සහන නොලැබුණ යම් පිරිසක් සිටි නම් එම පිරිසට අවශය සහන ලබා දි යලිත් නැගි සිටිමට සියලු දෙනා එකා මෙන් කටයුතු කල යුතු බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටින්නේ.




