පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කෙරෙන නෙත් එෆ් රේඩියෝවේ ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව එම විහාරස්ථාන පරිශ්‍රයේදී අද පස්වරු 02.00 දක්වා ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.