අග්‍රාමාත්‍ය සුෂිලා කර්කිගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය බලයට පත්වීමෙන් පසු නේපාලයට ඉන්දියාවේ නොසැලෙන සහයෝගය හිමිවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය යළි තහවුරු කර තිබේ. එම අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පැවසුවේ අසල්වැසි රටවල් දෙකේ ජනතාවගේ ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බවයි. නේපාලයේ නව අන්තර්වාර රජය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජයිස්වාල් කියා සිටියේ, නේපාලයේ නව අන්තර්වාර රජය පිහිට වූ විට ඉන්දියාව එම නව රජය පිළිගත් බවයි. එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ අන්තර්වාර අග්‍රාමාත්‍ය සුෂීලා කර්කි සමග දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ද ජයිශ්වාල් තහවුරු කළේය. සාමය සහ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව නේපාලය වෙත සියලු සහයෝගය සහතික කරන බවත්, නේපාලයට ඉන්දියාවේ නොසැලෙන සහයෝගය නැවත අවධාරණය කරන බවත් ඔහු අවධාරණය කළේය. සංවර්ධන හවුල්කරුවෙකු, සෙසු ප්‍රජාතන්ත්‍රවාදය සහ සමීප අසල්වැසියෙකු ලෙස ඉන්දියාව නේපාලයට සියලු සහයෝගය ලබා දී ඇති අතර එමඟින් රට තුළ සාමය සහ ස්ථාවරත්වය ඉක්මනින් ප්‍රතිෂ්ඨාපනය කර ඇතැයි ද ජයිශ්වාල් පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ එය දෙරටේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍යය වෙනුවෙන් එක්ව කටයුතු කරන සබඳතාවක් බවයි.