Gen-Z විරෝධතාවලින් පසුව නේපාලයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරිය ලෙස වැඩ භාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුෂිලා කර්කිට සුබ පැතුම් එක් කර තිබේ.
සිය ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ නේපාලයේ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස වැඩ භාර ගැනීම පිළිබඳව සුශිලා කර්කිට සුබ පැතුම් පිරිනමන බවයි.
නේපාල ජනතාවගේ සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටින බව ද මෝදි එහිදී පැවසුවේය.
මේ අතර නේපාලයට නව අග්‍රාමාත්‍යවරියක් තේරී පත්වීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
එහි දැක්වුණේ නේපාලයේ අන්තර්වාර රජය පිහිටුවීම පිළිබඳව ඉන්දියාව සිය ප්‍රසාදය පළ කරන බවයි.
සාමය සහ ස්ථාවරත්වය වර්ධනය කිරීමට මෙය ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එම අමාත්‍යංශය පවසා තිබේ.
සමීප අසල්වැසියෙකු, සෙසු ප්රජාතන්ත්රවාදී සහ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස, ඉන්දියාව දෙරටේ යහපැවැත්ම සහ සමෘද්ධිය සඳහා නේපාලය සමඟ සමීපව කටයුතු කරනු ඇතැයි ද,විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.




