නේපාල නව අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස එරට හිටපු අගවිනිසුරුවරිය වූ සුෂිලා කාර්කි දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ඇය එරට පළමු අගවිනිසුරුවරිය මෙන්ම පළමු අග්‍රාමාත්‍යවරිය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නේපාල රජය විසින් පනවන ලද මාධ්‍ය මර්දනයට එරෙහි වූ තරුණ තරුණියන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ දූෂණ හා වංචාවලට එරෙහි වූ හිටපු අගවිනිසුරුවරිය අගමැතිනිය ලෙස පත් කරන ලෙසයි. ඒ අනුව එරට හමුදා ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල් සහ විරෝධතාවන්ට නායකත්වය දුන් තරුණ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව නේපාල ජනාධිපති කාර්යාලය අදාළ පත්වීම නිවේදනය කර තිබෙනවා. විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට අනුව නේපාලයේ පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා හැර ඇති අතර ඒ අනුව තවත් ඇමතිවරුන් තිදෙනෙකුද පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නේපාලයේ පසුගිය සතියේ පැවති දූෂණ විරෝධී විරෝධතාවලදී පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ පිරිස 1,300කට අධික වනවා. ඒ අනුව නේපාල හමුදා තවදුරටත් කත්මණ්ඩු නගරයේ ආරක්‍ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Published