පකිස්තානයේ පවතින දරුණු ආර්ථික අර්බුදයේ පරිමාණය හෙළි කරන සංවේදී හෙළිදරව්වකින්, ලෝක බැංකුව වාර්තා කර ඇත්තේ එරට ජනගහනයෙන් 45% කට ආසන්න ප්‍රමාණයක් මේවනවිට දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවයි.
මෙයින් පෙන්නුම් කෙරෙන්නේ මිලියන 100කට අධික ජනතාවක් ජීවිතයේ මූලික අවශ්‍යතා වන ආහාර, නවාතැන්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ලබා ගැනීමට අරගල කරන බවයි.
මෑතකදී නිකුත් කරන ලද වාර්තාව, කලක් නැගී එන දකුණු ආසියාතික ආර්ථිකයක් ලෙස හුවා දැක්වූ රටක දීර්ඝ කාලීන දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අවභාවිතය සහ සමාජ නොසලකා හැරීම් පිළිබඳ පිළිබිඹු කරන්නක් බව පැවසේ.
මෙම දත්ත පකිස්තානයේ ගෘහස්ථ ආදායම් සහ මිලදී ගැනීමේ ශක්තිය බිඳ වැටීම පමණක් නොව පකිස්ථානය පුරා දිග හැරෙන පුලුල් මානුෂීය හදිසි අවස්ථාවක් පිලිබඳ ද අනාවරණ කරයි.
නාගරික ජනජීවිතයේ සිට ග්‍රාමීය ජනජීවිතය දක්වා පකිස්තානයේ මිලියන ගණනක් සම්පත් ක්‍රමක්‍රමයෙන් අහිමි වී යන බලාපොරොත්තු සමඟින් පැවැත්ම සඳහා වන සටනක සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.