ඉකුත් දිනවලදී ඇදහැලුනු මෝසම් වැසි සහ ජල ගැලීම් හේතුවෙන් පකිස්තානයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව ආපදා හේතුවෙන් පුද්ගලයින් 302 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 727 ඉක්මවයි. එම අධිකාරියට අනුව ජල ගැලීම් හේතුවෙන් ඉකුත් සඳුදා දිනයේ ද පුද්ගල මරණ 02 ක් වාර්තා වී තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කයිබර් පක්තුන්ක්වා කලාපයෙන් වන අතර එම සංඛ්‍යාව 71 ක්. සින්ද් පළාතෙන් මරණ 28 ක් සහ තුවාල 40 ක් වාර්තා වනවා. ජලගැලීම් හේතුවෙන් බලෝකිස්තානයේ ද මරණ 20 ක් වාර්තා වන බවයි මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මෝසම් වැසි කාලය ආරම්භයේ සිට මේ දක්වා පකිස්තානයේ නිවාස 1,678 කට හානි සිදුව ඇතැයි සඳහන් ඉන් නිවාස 563 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර 1,115 ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.
Published