Published
මැලේසියාවේදි අත්අඩංගුවට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනාගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයවා පැවසුවේ ඔවුන් සතුව තිබූ දුරකතන මගින් තවත් තොරතුරු රැසක් ඉදිරියේදී අනාවරණ කිරීමට බලාපොරොත්තු වන බවයි.
විපක්ෂය චෝදනා කරන ආකාරයට කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත් විමර්ශනවලින් ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.




