Published
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ පැවැත්වෙන 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව තරඟාවලියට එක්වන සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 20ක්. ලෝක කුසලාන තරඟාවලියට අවසන් කණ්ඩායම ලෙස ඊයේ සුදුසුකම් ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
මීට අමතරව නේපාලය සහ ඕමානයද, කැනඩාව, ඉතාලිය සහ නෙදර්ලන්තයද, නැමීබියාව සහ සිම්බාබ්වේ කණ්ඩායමද සුදුසුකම් ලබා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව ඇෆ්ගනිස්ථානය, ඕස්ටේ්රලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, අමෙරිකාව සහ අයර්ලන්තය ලෝක කුසලානයට එක්වෙනු ඇති.